චීනයේ Xianbin කොරල්පරයෙහි නීතිවිරෝධී ලෙස රැඳී සිටි පිලිපීන වෙරළාරක්ෂක බලකායේ අංක 9701 නෞකාව ඉවත් කෙරේ. මාස 5ක පමණ කාලයකට පසුව එය පසුගිය 15 වැනිදා පිලිපීන Palawan දූපතට ආපසු ගොස් තිබේ.
ජාතික භෞමික ස්වෛරීභාවය සහ නාවික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, තම රටට අයත් සාගර ප්‍රදේශයේ අඛණ්ඩව නීත්‍යනුකූලව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු ක්‍රියාත්මක කරන බව චීන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරයි. පසුගිය මාස පහ තුළ, චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව එම පිලිපීන නෞකාවට එරෙහිව පාලන පියවර ගෙන ඇති අතර, පිලිපීන නෞකාවට සිදු කළ සියලු සැපයුම් මෙහෙයුම් අසාර්ථක වී ඇති බව වාර්තා වේ.
දකුණු චීන මුහුදේ තත්ත්වය නැවත නැවතත් උග්‍ර වෙමින් පවතී. ඊට හේතුවී ඇත්තේ පිලිපීනයේ නැවත නැවතත් ප්‍රකෝප කිරීම් , ගැටුම අවුලුවාලීම සහ ඇමරිකාවේ උසිගැන්වීම් බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා පසුගියදා(14) පෙන්වා දුන්නේය. චීනයේ භෞමික ස්වෛරීත්වය සහ සමුද්‍රීය අයිතිවාසිකම්වලට හානි කිරීමේ සියලු ක්‍රියාකාරකම්වලට එරෙහිව චීනය ශක්තිමත් පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්