ඇමරිකානු P-8A සබ්මැරින් විරෝධී ගුවන් මුර යානාවක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම පිළිබඳව චීන හමුදාව සිය ස්ථාවරය පැහැදිලි කරයි.
අද(17) එම ඇමරිකානු P-8A සබ්මැරින් විරෝධී ගුවන් මුර යානාව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ අතර ඇමරිකානු පාර්ශ්වය එය උද්දීපනය කර ඇති බව චීන නැගෙනහිර හමුදා බලකායේ පුවත් ප්‍රකාශක ලී ෂී මහතා කියා සිටියේය. චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය නීත්‍යනුකූලව සිය යුද ගුවන් යානා සංවිධාන කර ඇමරිකානු ගුවන් යානාව පිටුපස සිට යාත්‍රා කරමින් අධීක්ෂණය සිදු කර ඇත. සැම විටම උපරිම සෝදිසියෙන් සිටින තම හමුදාව, රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය තරයේ ආරක්ෂා කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට