යුක්රේන අර්බුදයේ දී ජාත්‍යන්තර සාමූහිකත්වය අවතක්සේරු කිරීම, බෙදීම් ඇති කිරීම, සතුරකම් ඇති කිරීම මෙන්ම ගැටුම් අවුළුවාලීමෙන් වළකින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි.
යුක්රේන යුධබිමට අඛණ්ඩව ආයුධ හා උණ්ඩ ලැබෙමින් පවතින අතර ඉන් සිදුවන එකම දෙය එහි තත්ත්වය තවත් දරුණු වී වැඩි සිවිල් වැසියන් සංඛ්‍යාවකගේ ජීවිත අහිමිවීම පමණක් යැයි ද එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිත ගෙන්ග් ෂුවන්ග් මහතා පවසයි.
හෙතෙම ඒ බව සඳහන් කළේ යුක්රේනයට අවි සැපයීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දීය. එම තත්ත්වය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. යුද්ධයේ වත්මන් තීව්‍රරතාව පිළිබඳව චීනය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවද ගෙන්ග් ෂුවන් මහතා සඳහන් කළේය.
යුධබිම පුළුල් නොකිරීම, ගැටුම් වර්ධනය නොකිරීම, කිසිදු පාර්ශ්වයක් විසින් ප්‍රකෝප කිරීම් සිදු නොකිරීම යන මූලධර්මයන්ට ගරු කිරීම ප්රමුඛ කොට සැලකිය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය ස්ථාවර නියෝජිතයා පැවසීය. දේශපාලන අභිලාෂය ප්‍රදර්ශනය කරමින් එකිනෙකා අතර යම් එකඟතාවන්ට එළඹෙමින් එදිරිවාදිකම් අත්හිටුවා යළි සාම සාකච්ඡා ආරම්භ කිරීමට ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් ක්‍රියා කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්