දකුණු චීන මුහුදේ නීතිවිරෝධී ක්‍රියා වහාම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. පිලිපීනයේ අංක 3002 දරන නෞකාව අනවසරයෙන් චීනයට අයත් Nansha දූපත් සමූහයේ Xianbin ගල්පරයට ඇතුළු වී එහි නීතිවිරෝධි ව රැඳී සිටින පිලිපීන වෙරළාරක්ෂක නෞකාවකට භාණ්ඩ ලබාදීමට උත්සාහ දැරීය. එම නීතිවිරෝධි ක්‍රියාව පාලනය සඳහා චීන වෙරළාරක්ෂක බලකාය වහාම පියවර ගැනීමේදී එම පිලිපීන නෞකාව හිතාමතා එහි ගමන් කළ චීන නෞකාවක ගැටී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයා කියා සිටියේ පිලිපීනය දකුණු චීන මුහුදේ නීතිවිරෝධී ක්‍රියා වහාම නතර කළ යුතු බවයි. එම ගැටීමෙන් මුහුදට වැටුණු පිලිපීන ජාතිකයන් බේරා ගැනීමට චීනය කටයුතු කළද එම ගැටීමට වග කිව යුත්තේ පිලිපීනය බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේ ය.
More Stories
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත පාලන ගිවිසුමට චීනයේ අඛණ්ඩ සහාය
CELAC සමුළුවට එක් වූ ඉහළ පෙළේ නායකයින් චීන විදේශ අමාත්‍යවරයා හමු වෙයි
චීන-ඇමරිකා ජිනීවා සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය ජාත්‍යන්තරයේ පිළිගැනීමට