ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ඉතාම වගකීම් විරහිත ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළා.
ජපානයේ ටෝකියෝ විදුලි බල නිපැයුම් සමාගම 8වැනි වතාවටත් ෆුකුෂිමා න්‍යෂ්ටික විදුලි බලාගාරයේ න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම ආරම්භ කළා.
ඊයේ සිට අගෝස්තු 25වනදා දක්වා ටොන් 7800ක න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හරිනු ඇතැයි තක්සේරු කර තිබෙනවා.
ජපානය මෙලෙස අඛණ්ඩව මුහුදට න්‍යෂ්ටික දූෂිත ජලය මුදා හැරීම, වගකීම් විරහිත ක්‍රියාවක් බවයි චීනය පවසන්නේ.
අසල්වැසි රටවල් ඇතුළු, ඉන් බලපෑමට ලක්වන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුතු, ස්වාධීන, ඵලදායී හා දිගුකාලීන ජාත්‍යන්තර අධීක්ෂණ සැකසීමකට සහයෝගය දක්වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද චීන නියෝජිතවරිය ප්‍රකාශ කළා
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්