ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට මේ වනවිට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“සමහර කරුණු සඟවාගෙන ඉන්න බැහැ..මල් වැනි දරුවන්ට ප්‍රශ්නයක් වුණොත් එහි ප්‍රතිවිපාක ජීවිත කාලයටම බලපානවා..එවැනි දේ සම්පුර්ණයෙන් නවතා දැමිය යුතුයි..එයට අවශ්‍ය නීති ගේන්න පුළුවන්..”
“කැබිනට් අනුමැතිය ඇතිව ළමා අපචාරයන් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් පිහිටුවීමට රජය කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවා”
ඔහු මේ බව කියා සිටියේ, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී “දරුවන් සුරකිමු“ මැයෙන් සංවිධාන කළ පහන් පූජාවකට එක්වෙමින්. එය සංවිධාන කළේ, කාන්තා සවිය හා “අර්බන් සිටිසන්“ සංවිධානයයි. දරු පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් යහපත් පරිසරයක් ගොඩනැගීම සඳහා සක්‍රීය දායකත්වය ලබාගැනීම වැඩසටහනේ අරමුණයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති