චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වීමක් පවත්වයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම බෙයිජිං හිදී අද (27) පැවැත්විණ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණ.
ඊට අමතරව, එළඹෙන ජූලි 15 වැනිදා සිට 18 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැයිය බෙයිජිං අගනුවර දී පැවැත්වීමට ද එම රැස්වීමේ දී තීරණය කරනු ලැබීය.
2035 වසර වනවිට චීනය උසස් මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය පූර්ණ වශයෙන් ගොඩනඟන අතර චීන ලක්ෂණයන් සහිත සමාජවාදී ක්‍රමය වඩාත් පරිපූර්ණ වනු ඇත. රටේ පරිපාලන පද්ධතිය හා පරිපාලන හැකියාව නවීකරණය කිරීම මෙන්ම සමාජවාදී නවීකරණය ද මූලික වශයෙන් සාක්ෂාත් කෙරේ. එසේම මෙම සියවසේ මැද භාගය වන විට බලවත් සමාජවාදී නවීකරණ රටක් අංගසම්පූර්ණයෙන් ගොඩ නගා ගැනීමේ ඉලක්කය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය යුතු බව ද එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ