පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා පසුගිය 22 වනදා සිට අද (26) දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ තොරතුරු පැහැදිලි කළාය.
මෙම පස් දින සංචාරය තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Andrzej Duda මහතා සාකච්ඡාවක් පැවැත්වූහ. එම අවස්ථාවේදී රාජ්‍ය නායකයින් දෙදෙනා ගත වූ වසර 75 තුළ දෙරටේ සබඳතා වර්ධනය වූ අයුරු සිහිපත් කර ඇති අතර, ඉදිරි අදියරේදී ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනය සඳහා වැදගත් උපායමාර්ගික මාර්ගෝපදේශනයක් ලබා දුන් බව Mao Ning මහත්මිය පැවසුවාය.
එම නිල සංචාරයෙන් දෙරට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් වී ඇති අතර, විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය වී ඇත. එමෙන්ම චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපා සහයෝගිතාවේ සහ චීන-යුරෝපා සම්බන්ධතාවේ ස්ථාවර සංවර්ධනය ද ඉන් වර්ධනය වන බව ඇය පෙන්වා දුන්නාය.
මීළඟ අදියරේදී, රාජ්‍ය නායකයින්ගේ වැදගත් එකඟතාව ක්‍රියාවට නැංවීම, සම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීම සහ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීම සඳහා පෝලන්තය සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය එහිදී කියා සිටියාය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ