පොලීසියට හා ත්‍රස්ත විමර්ශන ඒකකයට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “ඊරිගම රාජපක්ෂ ගෙදර ආනන්ද සිල්වා” නොහොත් “යකා සම්පත්” නමැති සැකකරු අද (22)දින බත්තරමුල්ල, සුභුතිපුර ප්‍රදේශයේ දී තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කරාටේ ධම්මික” නමැත්තාගේ ගෝලයෙකු බව පොලීසිය පවසයි.
රිවෝල්වරයක්, කඩු දෙකක්, මන්නා පිහියක්, යකඩ පොලු දෙකක්, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් හා හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300ක් සැකකරුගේ නිවසේ තිබී සොයා ගැනීමට පොලීසිය සමත්වුණා.
මිලි මීටර් 09 ගිනි අවියක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල පොලීසියටත්, පානදුර පොලිස් වසමේ වාහන මංකොල්ලයක් සම්බන්ධයෙන් හා කෝටි 4ක කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයටත්, ස්වර්ණාභරණ අලෙවිසැලකින් කෝටි දෙකක කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන ඒකකයටත් මෙම සැකකරු අවශ්‍යව සිට ඇත.
ඔහු හෙට (23)දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති