ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට ඊට මැදිහත් විය නොහැකි බවයි.
14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් නොවන බවත්, ඔහු ආගමට මුවාවී චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් චීන ප්‍රකාශක පවසා තිබෙනවා. ටිබෙටය අතීතයේ සිටම චීන දේශභූමියේ කොටසකි. මේ බව පිළිගෙන ටිබෙටයේ ස්වාධීනත්වයට අනුබල නොදෙන පොරොන්දුව කඩ නොකරන ලෙසත් අදාළ පනතට අත්සන් නොතබන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි චීනය පවසන්නේ
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්