ඇමරිකා ජනාධිපතිවරයාගේ පුත් Hunter Biden චෝදනා තුනටම වැරදිකරු කරමින් ඇමරිකාවේ Delaware ජනපදයේ 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාව ඊයේ(11) සිය තීන්දුව ප්‍රකාශට පත් කළේය.
2018 වසරේදී ආයුධයක් මිලදී ගත් අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ තොරතුරු සැඟවීම, මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු ලෙස නීතිවිරෝධිව ගිනි අවි ළඟ තබා ගැනීම එම චෝදනාවලට ඇතුළත් ය. ඉන් Hunter Bidenට උපරිම වශයෙන් වසර 25ක සිරදඬුවමක් හා ඇමරිකානු ඩොලර් ලක්ෂ 7.5ක දඩමුදල නියම වනු ඇත. මේ නඩුවේ අවසන් තීන්දුව ලබන ඔක්තොබර් මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. මෙම අවි චෝදනා නඩුව හැර Hunter Biden බදු අපරාධ චෝදනාවලට ද මුහුණ දෙමින් සිටී.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම