මාලදිවයින කළ ඉල්ලීමකට අනුව එරට රැඳී සිටින අවසාන ඉන්දීය හමුදා කණ්ඩායම ද ඊයේ(10) ඉවත් කර ඇත. ඒ අනුව මාලදිවයිනේ රැඳී සිටි සියලුම ඉන්දියානු හමුදා සාමාජිකයන් එරටින් ඉවත් වී තිබේ.
එමෙන්ම එම හමුදා කණ්ඩායම වෙනුවට සිවිල් ‘තාක්ෂණික ශිල්පීන්’ පිරිසක් ආදේශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Mohamed Muizzu මහතා පසුගිය නොවැම්බර් 17වනදා මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. තම රටේ කිසිදු විදේශීය හමුදාවක් රැඳී නොසිටීම සහතික කරන බවට දිවුරුම් දීමේ උළෙලේදී ඔහු ප්‍රතිඥා දුන්නේය.
ඉන්දියානු හමුදා කණ්ඩායම් සිය රටෙන් ඉවත් කර ගන්නා ලෙස Muizzu ජනාධිපතිවරයා ඉන්දීය රාජ්‍ය නියෝජිතයා හමු වී නිල ඉල්ලීම ඉදිරිපත් කළේ තම ධුරයේ දිවුරුම් දීමෙන් පසුදිනයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්