පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිලිපීනයෙන් පිටුවහල් කිරීමේ පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයාගේ ඉල්ලීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයා පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන ලෙස ඊයේ (10) ඉල්ලීමක් කර ඇත. එම සිද්ධිය කෙරෙහි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රතිචාරය පිළිබඳව ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී Reuters පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙකු කළ වීමසීමට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා පිළිතුර ලබා දුන්නේය.
පිලිපීන පාර්ශ්වයේ අදාළ ප්‍රකාශය සැබෑ සාක්ෂි හමුවේ ඔවුන් වැරදිකරුවන් බව සනාථ කරන අතර පිලිපීනය උපරිම අසාධාරණ මාර්ගයකට පිවිස ඇති බව හෙතෙම පැවසීය. චීන රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සාමාන්‍ය රාජකාරි සිදු කිරීමේ ඉඩකඩ සහතික කරන ලෙසත්, නීති උල්ලංඝනය කිරීම හා ප්‍රකෝප කිරීම් වහාම නතර කරන ලෙසත් චීනය පිලිපීනයෙන් දැඩි ව ඉල්ලා සීටී. එමෙන්ම සැබෑ තත්ත්වය හා සාක්ෂි ප්‍රතික්ෂේප නොකරන ලෙසත් අයුතු ලෙස ක්‍රියා නොකරන ලෙසත් Lin Jian මහතා ඉල්ලා සිටියේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්