චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. තායිවාන ප්රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. කිසිදු බාහිර බලවේගයකට එයට මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බවද ඇය පැවසුවාය.
එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීමේ සිය ප්‍රතිඥා ඉටු කරන ලෙසත් ඔවුන්ට කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන ප්රජාතන්ත්රවාදී ප්‍රගතශීලි පක්ෂය “තායිවාන ස්වාධීනත්ව” ස්ථාවරයට අයුතු ලෙස අනුගත වීමෙන් එම ප්‍රදේශය අනතුරුදායක මට්ටමකට වැටෙන අතර ඉන් එහි පුරවැසියන්ට ද දරුණු හානි එල්ල වනු ඇති බව Zhu Fenglian මහත්මිය සඳහන් කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්