චීනයේ මධ්‍යම සහ දකුණු චීන කලාපයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය, ලොව ප්‍රථම නියමුවන් රහිත මගී ප්‍රවාහන ගුවන් යානා නිෂ්පාදනයට අදාළ බලපත්‍රය නිකුත් කරයි. Guangzhou හි EHang Intelligent Holdings Co., Ltd. සමාගම වෙත ඊයේ(07) මෙම බලපත්‍රය නිකුත් කර ඇත. මේ සමගම සිය EHang EH216-S නිෂ්පාදිතය මහා පරිමාණ නිෂ්පාදන සිදු කිරීම සඳහා සුදුසුකම් ලබන අතර ඊළඟ පියවර වන වාණිජ මෙහෙයුම් සිදු කිරීමට ද වැදගත් සහතිකයක් ලබා දෙනු ඇත. EHang EH216-S නිෂ්පාදනයේ උපරිම සැලසුම් වේගය 130km/h වන අතර එහි උපරිම පරාසය 30km ක් සහ උපරිම පියාසැරි කාලය විනාඩි 25 කි.
ලොව ප්‍රථම නියමුවන් රහිත මගී ප්‍රවාහන ගුවන් යානා නිෂ්පාදන බලපත්‍රය නිකුත් කෙරේ

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ