රුසියානු ෆෙඩරල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ Alexander Bortnikov මහතා ඊයේ(26) ප්‍රකාශ කළේ මොස්කව් සංගීත ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන වැරදිකරු පිළිබඳ තවමත් තහවුරු කර ගෙන නොමැති බවයි. නමුත් යුක්රේන බුද්ධි තොරතුරු අංශය එම ත්‍රස්ත ප්‍රහාරයට සහය ලබා දුන් බවත් අන්තවාදී IS ත්රස්තවාදීන් පිරිස එම ප්‍රහාරය සංවිධාන කළ බවත් හෙතෙම පැවසීය.
රුසියානු ආරක්ෂක අංශය යුක්රේනය මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බවට වන මූලික බුද්ධි තොරතුරු ලබා දුන් බවත් මේ වනවිටත් රුසියාව ත්‍රස්ත ප්‍රහාර තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය. යුක්රේන ආරක්ෂක දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම රුසියානු ෆෙඩරල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා යුක්රේනය යන රටවල් මොස්කව් සංගීත ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිටුපස සිටින බව සඳහන් කළේ යැයි රුසියානු Ita-Tass පුවත් ඒජන්සිය ද වාර්තා කර ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ