ගාසා තීරයට කිසිදු බාධාවකින් තොරව ආහාර සහ මානුෂීය සහනාධාර සැපයීමේ ප්‍රවේශය සහතික කරන ලෙස ඊයේ(18) එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කරන විස්තීර්ණ ආහාර සුරක්ෂිතතා වාර්තාවට අනුව, ගාසා තීරයේ සිටින සියලුම පලස්තීනුවන්ගෙන් අඩකට වඩා එනම් ආසන්න වශයෙන් මිලියන 1.1 ක ජනතාවගේ ආහාර සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති අතර ඔවුන් දැඩි කුසගින්නෙන් පෙළෙන බව හෙතෙම පැවසීය.
ගාසා තීරය පුරා මානුෂීය සහනාධාර පූර්ණ සහ බාධාවකින් තොරව සැපයීමේ ප්‍රවේශය සහතික කරන ලෙස Guterres මහතා නැවත ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම්වලට පූර්ණ සහාය ලබා දෙන ලෙස ද ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ