ලබන මස පළමුවැනිදා සිට සියලු පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වලට ගෙන්වා ගන්නා ලෙස දන්වමින් උපදෙස් ඇතුලත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් එදින සිට පාසල් පැවැත්වෙන බවයි.එම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ(20) දිනයේ යොමු කළ බව ලේකම්වරයා සඳහන් කළේය.ඔහු පැවසුවේ කොරෝනා හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ එදින සිට ක්‍රියාත්මක නොවන බවයි.
ලබන (01) වැනිදා සිට සියලුම සිසුන්ට පාසල්

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති