විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරිය ලබාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025’ සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලු තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අදාළ බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ඒ අනුව, සුදුසුකම්ලත් සිසුන් තෝරාගැනෙන්නේ කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාළ පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මගිනි.
ලබන අප්‍රේල් මාසයේ සිට ඉදිරි මාස 12 ක් වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය. පළමුවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති