චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා චීන හමුදාවේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වසන්ත උත්සව සුබ පැතුම් පිරිනමයි.
හෙතෙම ඊයේ (29) බෙයිජිං අගනුවර පැවති සංස්කෘතික හා කලා සංදර්ශනයක් නැරඹීමට එක් වූ අවස්ථාවේ එහි වෙසෙන ජ්‍යෙෂ්ඨ හා විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලීය. එය සංවිධාන කරනු ලැබුවේ මධ්‍යම හමුදා කොමිසම විසිනි. එහි පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ සහ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ජනාධිපතිවරයා වසන්ත උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීය.
ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වටා වඩාත් එක්සත්ව බැඳී චීන ජාතියේ පුනර්ජීවනය සඳහා නව දායකත්වයක් ලබාදීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් එහිදී පවසා ඇත.
More Stories
ඇමරිකාව ජාත්‍යන්තර සිසුන් වෙනුවෙන් පැනවූ වාරණය තමන්ගේම අනාගතය අර්බුදයකට ඇද දැමීමක්
ජාත්‍යන්තර සමථ මණ්ඩලය චීන හොංකොං විශේ ෂ පරිපාලන කලාපයේ පිහිටුවීමට එකඟතාව
චීන විදේශ අමාත්‍යවරයා සහ සාමය හා සංහිඳියාව පිළිබඳ ආසියානු කවුන්සිලයේ සභාපතිවරයා අතර හමුවක්