තායිවාන ප්‍රදේශය මව්රටට ආපසු පැමිණ චීනය එක්සත් වීම ඒකාන්ත යැයි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එම අමාත්‍යංශ ප්‍රකාශක වූ ඡියන් මහතා එසේ ප්‍රකාශ කළේ ඊාය්(25) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. තායිවාන ප්‍රදේශයේ ‘මැතිවරණ ප්‍රතිඵලයට’ ගරු කරන ලෙසට එම ප්‍රදේශයේ විදේශ කටයුතු අංශය චීන මහ ගොඩබිම පාර්ශ්වයෙන් ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් අදහස් කුමක් දැයි මාධ්‍යවේදියෙක් විමසීය.
තායිවාන ප්‍රදේශයේ මැතිවරණය චීනයේ ප්‍රාදේශීය කටයුත්තකි. තායිවාන දූපතේ තත්ත්වය කෙසේ වෙනස් වුවද ලෝකයේ එකම චීනයක් පැවතීම, තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වීම යන සත්‍යය වෙනස් නොවේ. එසේම එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටීම පිළිබඳ ජගත් ප්‍රජාවේ පුළුල් පොදු අදහස ද වෙනස් නොවනු ඇත.
තායිවාන ප්‍රදේශය මව්රටට යළි එක්විය යුතු අතර රට එක්සත් වනු ඒකාන්තය. චීන මහජන විමුක්ති හමුදාව මහා යකඩ ප්රාකාරයක් සේ රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන බව ද වූ ඡියන් මහතා ප්‍රකාශ කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්