චීන මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා නියෝගයකට අත්සන් තබමින් නව සංශෝධිත “හමුදා නීති සම්පාදන කටයුතු පිළිබඳ රෙගුලාසි” නිකුත් කළේය. එම රෙගුලාසි ලබන මාර්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක කෙරේ.
එම නව සංශෝධිත රෙගුලාසි මගින් චීනයේ හමුදා නීති සම්පාදනයේ මාර්ගෝපදේශය සහ මූලික මූලධර්ම පැහැදිලි කෙරේ. හමුදා රෙගුලාසි සැකසීමේ අධිකාරි බලය ඉන් නියම කර ඇත.
හමුදා නීති සම්පාදන කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය සහ හමුදා පාලනය පුළුල් ලෙස ශක්තිමත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා එම නව සංශෝධිත රෙගුලාසි විශාල වැදගත්කමක් දරයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්