2023 වසරේ දී නිරිතදිග චීනයේ Xizang ස්වායත්තයේ විදේශ භාණ්ඩ වෙළඳාමේ වාර්ෂික වර්ධනය සියයට 138.3 කින් එනම් යුවාන් බිලියන 10.98ක් දක්වා වර්ධනය වී ඇති බව එහි ප්‍රාදේශීය බලධාරීන් ඊයේ(19) ප්‍රකාශ කළේය.
ගෙවුණු වසරේ Xizang ස්වායත්තය රටවල් සහ කලාප 175ක් සමග වෙළඳ කටයුතු සිදු කර ඇත. එහි අගනුවර වන ලාසා හි රේගු දත්තවලට අනුව එහි විශාලතම වෙළඳ සහකරු වන නේපාලයෙන් සිදු කළ ආනයන සහ අපනයන ප්‍රමාණයේ වටිනාකම යුවාන් බිලියන 2.77කි. එනම් එහි වාර්ෂික වර්ධනය සියයට 77.2 ක් ලෙස ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2023 වසරේ දී Xizang හි යාන්ත්‍රික සහ විද්‍යුත් නිෂ්පාදන අපනයන වාර්ෂිකව සියයට 59.5 කින් වර්ධනය වී ඇති අතර එහි අධි තාක්‍ෂණික නිෂ්පාදන සහ තොග භාණ්ඩ ආනයනය ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.
More Stories
IPL ජය සැමරුම ඛේදවාචකයක් වෙයි
දකුණු කොරියාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
චීන-බෙලරුසියා ජනපතිවරු අතර හමුවක්