චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ 3වන රැස්වීම පැවැත්වේ. එම රැස්වීම ඉකුත් 18 හා 19 යන දෙදින බෙයිජිං හිදී පැවැත්විණ. චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සහ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයා එහි සම-මුලසුන දැරූහ. එම රැස්වීම සඳහා චීන මුදල් අමාත්‍යාංශය, චීන ජාතික මූල්‍ය නියාමන මහ පරිපාලනය, චීන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව, චීන ජාතික විදේශ විනිමය මහ පරිපාලනය, ඇමරිකා ෆෙඩරල් සංචිතය, ඇමරිකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු දෙරටේ ආයතන රැසක් එක් විය. දෙරටේ මුදල් ඒකක, මූල්‍ය වෙළඳපොල, මූල්‍ය නියාමනය හා ස්ථාවරත්වය, මුදල් විශුද්ධිකරණය පාලනය, ත්‍රස්තවාදයට අරමූදල් සැපයීම වැළැක්වීම හා ගෝලීය මූල්‍ය කළමනාකරණය ඇතුළු මාතෘකා සහ පොදුවේ සැලකිල්ලක් දක්වන කරුණු පිළිබඳව චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ 3වන රැස්වීමේදී දෙපාර්ශ්වය විවෘත ව සාකච්ඡා කර ඇත.
චීන-ඇමරිකා මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ 3වන රැස්වීම බෙයිජිං හිදී

More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්