චීනයේ Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය දියත් කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයි.
චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, බෙයිජිං වේලාවෙන් ඊයේ (17) 22:27 ට, Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය රැගත් Long March 7 Yao-8 වාහක රොකට්ටුව චීනයේ Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව උඩු ගුවනට යැවිණ. විනාඩි10 කට පමණ පසු, අභ්‍යවකාශ යානය රොකට්ටුවෙන් සාර්ථකව වෙන්වී කක්ෂයට ඇතුළු විය.
Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයෙන් ගගනගාමීන්ට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය, ඉන්ධන සහ පර්යේෂණාත්මක උපකරණ වැනි භාණ්ඩ රැගෙන ගොස් ඇත. එමෙන්ම Shenzhou-17 ගගනගාමීන් සහ කාර්ය මණ්ඩලය වෙත වසන්ත උත්සව “අලුත් අවුරුදු භාණ්ඩ” යවා ඇත.
කක්ෂයට ඇතුළු වීමෙන් පසු, Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය බෙයිජිං වේලාවෙන් අද (18) අළුයම 1:46 ට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Tianhe මූලික මොඩියුලයට සම්බන්ධ විය.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්