අද (17) බෙයිජිං හි පැවති චීන විදේශ අමාත්‍යාංශයේ නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනය හා නාවුරු ජනරජය දෙරට තුළ තානාපති කාර්යාල ස්ථාපිත කරන දින පිළිබඳව මාධ්‍යවේදීන් විමසා ඇත. එම දින නිසි වේලාවට දැනුම් දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය. නාවුරු රජය එකම චීනය මූලධර්මය පිළිගනිමින් තායිවානය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නතර කිරීම, එරට දිගුකාලීන යහපතට හේතු වනු ඇති බව ඇය පෙන්වා දෙයි. ඒ අනුව එකම චීනය යන මූලධර්මය මත නාවුරු සමග ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් ඇරඹීමට චීනය කැමැත්තෙන් සිටී. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා යළි ආරම්භ කිරීමෙන් පසු චීනය නාවුරු සමග විවිධ ක්ෂේත්රවල සහයෝගිතා පවත්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.
එකම චීනය මූලධර්මය මත නාවුරු ජනරජය සමග ද්විපාර්ශ්වික සබඳතාවේ නව පරිච්ඡේදයක් ඇරඹීමට චීනය සූදානම්

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය