ඇමරිකාව හා චීනයේ තායිවානය ඕනෑම ආකාරයක නිල සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව චීනය තරයේ විරෝධතා පළ කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.
ලෝකයට ඇත්තේ එකම චීනයක් බව Mao Ning මහත්මිය එහිදී සඳහන් කළා ය. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. එකම චීනය යන ප්‍රතිපත්තිය හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන 3නේ සඳහන් වන කරුණු ඇමරිකාවේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු ය. තායිවානය හා සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට මැදිහත් වෙමින් ඇමරිකාවට අවශ්‍ය ආකාරයට තායිවාන ප්‍රදේශයේ මැතිවරණයට අනිසි බලපෑම් එල්ල කළ නොහැකි බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව අවධාරණය කළා ය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය