බරපතල සිවිල් නොසන්සුන්තාවයන් හේතුවෙන් ඉක්වදෝරය දින 60ක කාලයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ඉක්වදෝර ජනාධිපති Daniel Noboa මහතා ඊයේ(08) නිවේදනය කළේ ය. ත්‍රිවිධ හමුදාවට මෙහෙයුම් සිදු කිරීමේ බලය ලබා දීම සහතික කරමින් එම හදිසි නියෝගයට අත්සන් කළ බව ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පණිඩිඩයක් නිකුත් කරමින් කියාසිටියේය.
මෙම හදිසි තත්ත්වය දින 60 ක් පවතිනු ඇති අතර රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට පසුදින අලුයම 5 දක්වා ක්‍රියාත්මක කෙරේ. ඉක්වදෝර මාධ්‍ය වාර්තාවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන Jose Adolfo Macias පසුගිය 07 වැනිදා එරට නිරිතදිග පිහිටි ගුවායාකිල් නගරයේ ලිටෝරල් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇත. මේ සමගම ඉක්වදෝරයේ බන්ධනාගාර හයක ඊයේ(08) කලහකාරී සිදුවීම් වාර්තා වී ඇති අතර බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු රැඳවියන් විසින් රඳවා ගෙන සිටින බව ද වාර්තා වේ.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය