ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18% දක්වා පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
රන් ණය අත්කාරම් පොලී අනුපාතය ද 10% දක්වා පහළ දමා ඇතැයි මහ බැංකුව සඳහන් කළේ ය.
පෙර සැලසුම් කළ බැංකු අයිරා ණය පොලිය පහත දමා ඇත්තේ 16% ලෙස ය.
ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති.
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්