හවුති සටන්කාමීන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් රතු මුහුද වෙත යැවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හවුති කණ්ඩායම් රතු මුහුදේ යාත්‍රා කරන නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම නිසා එහි නැව් ගමනාගමනය නැවතී ඇති බව ජනාධිපතිවරයා කියාසිටී. මේ හේතුවෙන් එම නැව් රතු මුහුද හරහා නොපැමිණ, දකුණු අප්‍රිකාව වටා ගොස් පැමිණියහොත් එයින් බඩු මිල තවදුරටත් වැඩිවනු ඇතැයි ඔහු පෙන්වාදෙයි. එබැවින් හවුති ක්‍රියාකාරකම්වලට එරෙහිව රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවුක හමුදාවේ නැවක් යැවීමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලට එක්වෙමිනි.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය