චීන මාධ්‍ය සමූහයේ 2024 චීන වසන්ත උත්සව කලා සංස්කෘතික ප්‍රසංගයේ ශාඛා සංදර්ශන වේදිකා 4ක් ප්‍රකාශයට පත් කෙරේ.
බෙයිජිං අගනුවර ප්‍රධාන වේදිකාවට අමතරව සෙසු ප්‍රසංග වේදිකා 4 අද (4) ප්‍රකාශයට පත් කෙරිණ. ඒ වෙනුවෙන් පැවති උත්සවයට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහභාගි විය.
Liaoning පළාතේ Shenyang , Hunan පළාතේ Changsha , Shaanxi පළාතේ Xi’an සහ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Kashi යන නගර හතරේ පිහිටි වේදිකාවන් හි එම සංස්කෘතිකාංග ඉදිරිපත් කෙරේ.

ඒ අනුව මෙවර චීන මාධ්‍ය සමූහයේ 2024 චීන වසන්ත උත්සව කලා සංස්කෘතික ප්‍රසංග සජීව විකාශයට මේ වේදිකා හතරම ඇතුළත් වනු ඇත.
ප්‍රසංග කාර්ය මණ්ඩලය අදාළ නගරවල සුවිශේෂ ඓතිහාසික හා සංස්කෘතික ලක්ෂණ සහ ප්‍රාදේශීය වටිනාකම් ඉස්මතු කරමින් විවිධ ප්‍රසංගාත්මක අංග ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරනු ඇතැයි ද එහිදී ප්‍රකාශ කෙරිණ.

More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි