චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ත්‍රස්තවිරෝධි ප්‍රශ්නය අතින් ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට චීනය දැඩිව විරෝධය පළ කරන බවයි.
Balochistan පළාතේ ත්‍රස්තවාදී මෙහෙයුම්වලට ඉන්දියාව අඛණ්ඩව සහාය ලබා දෙමින් බෙදුම්වාදී බලවේගයට මුදල් සපයා ඇති බව මෑතකදී පකිස්ථානයට භාරවූ Balochistan ජාතිකවාදී හමුදාවේ ප්‍රධානියා පැවසුව බව බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා විය. ඉන්දියාවේ සහාය, Balochistan පළාතේ ත්‍රස්තවාදී මෙහෙයුම් අඛණ්ඩව පැවතීමට ප්‍රධාන හේතුව බව Balochistan පළාතේ නිලධාරියෙක් පැවසීය. ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ ත්‍රස්තවාදය සමස්ත මානවයන්ගේ පොදු සතුරා වන අතර සිය ප්‍රතිලාභ වෙනුවෙන් ත්‍රස්තවාදයට සහාය ලබාදීම හා වර්ධනය කිරීම මගින් ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂාව විනාශ කිරීමට චීනය දැඩි ලෙස විරෝධය පළ කරන බවයි.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය