‘නීතිවිරෝධී ගිනිඅවි පිටුදැකීමේ කෙටුම්පත’ට අනුමැතිය ලබා දීම චීනය ජාත්‍යන්තර සාමය හා ස්ථායිතාව සුරැකීමට ගත් වැදගත් පියවරක් බව පිළිබිඹු කෙරේ.
එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhangjun මහතා ඊයේ(19) එහි මහලේකම් António Guterres මහතා වෙත චීනය‘නීතිවිරෝධී ගිනිඅවි පිටුදැකීමේ කෙටුම්පත’සම්මත කළ පිටපත ඉදිරිපත් කළේ ය. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දැක්වීය.
චීන රජය සෑමවිට ම ජනතාවට හා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිතතාවට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඔහු පැවසීය. නීතිවිරෝධී ගිනිඅවි විශාල භාවිතයන් සහිත විවිධ රටවල් සමාජයීය වර්ධනයට හා ජාත්‍යන්තර සාමය හා ස්ථාවරයට එල්ල කරන අභියෝග කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇත. එම කෙටුම්පතට අනුමැතිය ලබා දීම, චීනය ගෝලීය ආරක්ෂක මුලපිරුම හා බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමට මෙන් ම ජාත්‍යන්තර සාමය හා ස්ථායිතාව සුරැකීමට ගත් වැදගත් පියවරක් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියාසිටියේ ය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය