රුසියාව සහ චීනය අතර සහයෝගිතාව පෙර නොවූ විරූ ලෙස වර්ධනය වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල රුසියා-චීන සබඳතා වැඩි දියුණු වීම පිළිබඳ සතුටු වන බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඊයේ(14) මොස්කව් නුවර පැවති “වාර්ෂික සමාලෝචන” උත්සවයේදී චීනයේ Xinhua ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත. රුසියාව සහ චීනය දෙරටේ නායකයින් එක්ව පිහිටුවා ඇති ඉලක්ක සක්‍රීයව ක්‍රියාත්මක කරමින් සිටින අතර සියලු කටයුතු ඵලදායීව හා ක්‍රමානුකූලව සිදු කරන බව Putin මහතා එහිදී සඳහන් කළේ ය. රුසියාව සහ චීනය ආරක්ෂක, ආර්ථික සහ මානුෂීය ක්ෂේත්‍රවලදී සහයෝගීතාවයෙන් කටයුතු කරන නමුත් කිසිදු කඳවුරක් ස්ථාපිත නොකරන බවත් තුන්වන පාර්ශ්වයේ රටවල් ඉලක්ක කර නොගන්නා බවත් Putin මහතා එහිදී අවධාරණය කර ඇත.
රුසියා-චීන සහයෝගීතාව පෙර නොවූ විරූ ලෙස වර්ධනය වේ

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්