චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වියට්නාම නිල සංචාරය ඇරඹේ. ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින් 12 වන දා දහවල් එරට හැනෝයි අගනුවරට ළඟා විය.
එම නිල සංචාරය සිදුවන්නේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyen Phu Trong හා එරට ජනාධිපති Vo Van Thuong යන මහත්වරුන්ගේ ආරාධනාවක් අනුවයි.
චීන ජනාධිපතිවරයා හරසරින් පිළිගැනීමට එරට සම්භාවනීය පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. වියට්නාම අගමැති Phạm Minh Chính, එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම ලේකම් කාර්යාල ලේකම්, සිවිල් අමාත්‍ය Phan Đình Trạc, එම පක්ෂයේ මධ්‍යම ලේකම් කාර්යාල ලේකම්, විදේශ අමාත්‍ය Le Hoai Trung යන මහත්වරුන් මෙන්ම පක්ෂයේ හා රජයේ නායකයෝ පිරිසක් ද ඊට ඇතුළත් වූහ.

More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්