
චීනයේ තවත් පැරණි වාරිමාර්ග ව්‍යාපෘති 4ක් ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයන් ලෙසට නම් කෙරේ. ජාත්‍යන්තර වාරිමාර්ග හා අපවහන 74 වන ජාත්‍යන්තර විධායක සභා රැස්වීමේ දී එම පැරණි වාරිමාර්ග ව්‍යාපෘති 4 ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහයන් ලෙසට නම් කෙරිණ. චිමෙන්යාන් වාරිමාර්ග පද්ධතිය,හොන්ග්ස වැව් වාරි පද්ධතිය,හුවොචුවාන් උල්පත් වාරි පද්ධතිය සහ බයින් වේයර්ස් පද්ධතිය එම උරුමයන්ය.ඒ අනුව ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහ ලැයිස්තුවට ඇතුළත් චීන වාරිමාර්ග උරුම සංඛ්‍යාව 34කි.චීනයේ මෙම වාරි උරුමයන්ට අමතරව තවත් රටවල් කිහිපයක වාරි උරුම 15ක් මෙවර ලැයිස්තුවට ඇතුළත් විය.ඉන්දියාව,ඉන්දුනීසියාව,ඉරාකය, ජපානය ,තායිලන්තය, තුර්කිය එම රටවල් අතර වෙයි. ලෝක උරුම වාරිමාර්ග ව්‍යුහ ලැයිස්තුවට දැනට ඇතුළත්ව ඇති සමස්ත උරුම සංඛ්‍යාව 159කි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්