ඔක්තෝබර් මස 30වනදා සිට 31වනදා දක්වා චීනයේ ප්‍රථම මධ්‍යම මූල්‍ය සේවා කටයුතු රැස්වීම පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊට එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය.
එහිදී ඔහු ගෙවී ගිය වසර දහය තුළ රටේ මූල්‍ය සේවා කටයුතු සම්පිණ්ඩනය කර ඉදිරි කටයුතු සඳහා උපදෙස් දී තිබේ.
දැනට මූල්‍ය සේවාව සැබෑ ආර්ථිකයට සේවා සැලසීමේ කාර්යක්ෂමතාව හා ගුණාංගය අවම බව එම රැස්වීමේදී ෂී ජින්පිං මහතා ඍජුවම ඉදිරිපත් කළේය. ජාතික ආර්ථික සැකසීමේ පීඩනය හමුවේ ප්‍රාග්ධනය සැබෑ ආර්ථිකයට ප්‍රවේශ වීමේ මාර්ග පහසු නොවන අතර සමහර විට ‘නිෂ්ඵල සංසරණය’ පවතී. මේ අතරම වෙළඳපොලේ ඇතැම් මුදල් එක්රැස් කිරීමේ අවශ්‍යතාව සපුරා ගත නොහැකි වී තිබේ. මේ ගැටළුව පිළිබඳව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ, මූල්‍ය සේවාව සැබෑ ආර්ථිකයට ඉහල ගුණාත්මක ඵලදායී සේවයක් ලබා දිය යුතු බවයි. ඒ සඳහා, ප්‍රධාන උපායමාර්ගයන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, වැදගත් හා නොදියුණු ක්ෂේත්‍රවලට මූල්‍ය සේවාව වැඩිදියුණු කිරීම වැනි පියවර ගත යුතුය. විශේෂයෙන් රටේ නවෝත්පාදන සංවර්ධන උපායමාර්ගය, කලාපීය සම්බන්ධීකරණ සංවර්ධන උපායමාර්ගය, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාවයට සහාය වීම සඳහා, වඩාත් වැඩි මූල්‍ය සම්පත් විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය, දියුණු නිෂ්පාදනය, හරිත සංවර්ධනය, මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාරවලට යොමු කළ යුතු යැයි ද පෙන්වා දී තිබේ.
මූල්‍ය සේවා නියාමනය පූර්ණ ලෙස ශක්තිමත් කිරීම හා මූල්‍ය අවදානම් ඵලදායිකව වැළැක්වීම පිළිබඳ පියවර මාලාවක් ඔහු එහිදී ඉදිරිපත් කළේය. ‘නියාමන හිදැස්’ තුරන් කරමින් සියළුම මූල්‍ය සේවා ක්‍රියාකාරකම් නියාමනයට ඇතුළත් කිරීම, නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් දැඩි ලෙස මර්දනය කිරීම, මූල්‍ය සේවා වෙළඳපොලේ ගනුදෙනු විධිමත් කිරීම එයට ඇතුළත් වේ.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම