බංගලාදේශයේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම දිය යට උමග ඊයේ(28) බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. චීනය විසින් ඉදිකරන ලද මෙම බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන් උමග විවෘත කිරීමේ උත්සවයට චීන තානාපති Yao Wen මහතා ද සහභාගි විය.
ඩකා අගනුවරට කිලෝමීටර් 242 ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි මෙම උමං මාර්ගය බංග්ලාදේශයේ සහ චීන රජයේ ඒකාබද්ධ අරමුදලින් ඉදිකරන ලද අතර සීමාසහිත චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම එහි ඉදිකිරීම් කටයුතු සිදු කළේය.මෙම ව්‍යාපෘතියේ කළමනාකරු Yu Jingtao මහතා පැවසුවේ මෙම උමං මාර්ගය චීන ලක්ෂණ, තාක්ෂණික ක්‍රම සහ නිසි ප්‍රමිතීන්ට අනුව ඉදිකර ඇති බවයි. මෙය ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයට වැදගත් දායකත්වයක් සපයනු ඇත.
මෙම උමග රට තුළ සන්නිවේදනයේ නව යුගයක් ආරම්භ කරමින් සහ අතිවිශාල ජාතික අභිමානයක් සනිටුහන් කරන “ස්මාරක ජයග්‍රහණයක්” වන බව ද එරට ප්‍රවාහන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. මෙම උමං මාර්ගය යෝජිත ආසියානු අධිවේගී මාර්ගය වන ඩකා-චැටෝග්‍රාම්-කොක්ස් බසාර් අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන අතර චැටෝග්‍රාම් සිට ගිනිකොනදිග මුහුදු වෙරළාශ්‍රිත නගරය වන කොක්ස් බසාර් දක්වා දුර කිලෝමීටර 40 කින් අඩු කෙරෙනු ඇත.මෙය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සහ බංග්ලාදේශ-චීන සහයෝගීතාව යටතේ අවසන් වූ දැවැන්ත ව්‍යාපෘතියකි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ