ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා විසින් අගෝස්තු මාසයේදී අත්සන් කරන ලද, චීන ආයෝජන සීමා කිරීම් පිළිබඳ විධායක නියෝගය සම්බන්ධයෙන්, ජ්‍යෙෂ්ඨ යුරෝපා සංගමයේ නිලධාරීන් ඇමරිකාවට සිය විරෝධය පළ කර තිබේ. එම විධායක නියෝගය චීනයේ සහ ඇමරිකාවේ ආයෝජනය කරන යුරෝපා සංගමයේ සමාගම්වලට ද බලපාන හෙයින් ඔවුහු කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, වෙළඳපල නොවන හැසිරීම් හරහා වෙනත් රටවල් අතර හුවමාරු සහ සහයෝගීතාවයට බාධා කිරීම, විධිමත් නොවන ක්‍රියාමාර්ගයක් මෙන්ම කිසිදු පාර්ශ්වයක අවශ්‍යතා ද ඉටු නොකරන බවයි. ආර්ථික, වෙළෙඳ, විද්‍යා සහ තාක්ෂණ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීම පිළිබඳ චීනය සෑමවිටම විරුද්ධ වන බව ඇය යළිත් අවධාරණය කළා ය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය