චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ලබන 26 වනදා සිට 28 වනදා දක්වා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. එම සංචාරය තුළ ඇමරිකාවේ උසස් පෙළේ නිලධාරීන් සමග චීන ඇමරිකා සබඳතාව, දෙපාර්ශ්වයේ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කරමින් ඇමරිකාවේ විවිධ ක්ෂේත්රවල පුද්ගලයන් ද හා වං යී මහතා හමුවනු ඇත. චීනය සමග සංවාද ශක්තිමත් කිරීම හා මතභේද පාලනය කිරීම මගින් දෙරටේ සබඳතාව යළි යහපත් මෙන්ම ස්ථීර මාවතකට ගෙන ඒමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා පළ කරන බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.
චීන විදේශ ඇමතිවරයා ඇමරිකාවේ නිල සංචාරයක

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය