ඊශ්‍රායල හමුදා ගාසා තීරය වෙත ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant මහතා පවසයි. ඔහු ඊයේ (22) මේ බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල යුද ටැංකියක් “අහම්බෙන්” වෙඩි තබා ඊජිප්තු හමුදා මුරපොළකට පහර දුන් බව ඊශ්‍රායල හමුදාව ඊයේ (22) නිවේදනය කළේය. ඒ පිළිබඳ තත්ත්වය ඊශ්‍රායලය තවදුරටත් විමර්ශනය කරන බව ද ප්‍රකාශ කෙරිණ.
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (22) නිකුත් කළ දත්තවලට අනුව, මෙවර ගැටුමෙන් එරට 1,400 කට වැඩි පිරිසක් මිය ගිය අතර, 5,431 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ අතර, පලස්තීන ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එදින ප්‍රකාශ කළේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් 4,651ක පිරිසක් මිය ගිය අතර, 14,000ක් පමණ තුවාල ලබා ඇති බවයි.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය