සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරමින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේය. මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ද අපේක්ෂා කෙරේ. ඊට සමගාමීව ධීවර කර්මාන්තය දියුණු කිරීම මගින් අලුත් ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඊයේ (22) මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති