රටවල් 70කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් පාකිස්ථානය ඇතැම් පාර්ශ්ව මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම පිළිබඳව විරෝධය පළ කරයි.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය. පසුගිය 17වැනි දා පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වැනි සැසිවාරයේ 3වැනි කමිටු සැසියේ දී, පාකිස්ථානය, 70කට වැඩි රටවල් නියෝජනය කරමින් දේශනයක් සිදු කළේය. ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, හොංකොං, ටිබෙට්ය ඇතුළු ප්‍රදේශ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර, මානව හිමිකම් ගැටළුව දේශපාලනීකරණයට ලක්කිරීමට පාකිස්ථානය ඉන් සිය විරෝධය පළ කළේය. එසේ ම, රටවල් රැසක් එහිදී දේශනයක් නිකුත් කරමින් චීනයට සහායක් දක්වා ඇත. මෙමගින් බටහිර රටවල් සුළු පිරිසක් මානව හිමිකම් ගැටළුව උපයෝජනයට ගනිමින් චීනයට පීඩා එල්ල කිරීමේ ප්‍රයත්නයන්හී අසාර්ථකභාවය යළි පිළිබිඹු කෙරෙන බව ද Mao Ning මහත්මිය පැවසුවාය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ