“ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන මුලපිරුම”මෙවර සංසදය අතරතුර චීන පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තුන්වැනි“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර නායක සංසදයේ සමාරම්භක උත්සවය අමතමින් ප්‍රකාශ කර ඇත.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද (18) වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
මෙය පොදු ඉරණමක් සහිත ප්‍රජාව යන සංකල්පය ක්‍රියාකාරීව ක්‍රියාත්මක කිරීමට සහ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාවට නැංවීම සඳහා චීනය විසින් ගන්නා ලද සංයුක්ත ක්‍රියාමාර්ගයක් බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෘතිම බුද්ධිය සංවර්ධනය, ආරක්ෂාව සහ පාලනය යන අංශ තුන ආවරණය වන පරිදි කෘත්‍රිම බුද්ධි පාලනය සඳහා චීනයේ සැලැස්ම ක්‍රමානුකූලව ඉන් විස්තර කෙරේ. අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ පිළිපැදීමට ඉන් යෝජනා කෙරෙන අතරම, වෙනත් රටවල කෘත්‍රිම බුද්ධි වර්ධනයට ද්වේෂ සහගත ලෙස බාධා කිරීම සඳහා දෘෂ්ටිවාදාත්මක රේඛා ඇඳීමට හෝ තනි කණ්ඩායම් ගොඩනැගීමට විරුද්ධය. ඒ අතරම, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ආධාර ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද එහි සඳහන් කර ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්