චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යාව පෙං ලි යුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනීම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කෙරිණ. එය ඊයේ (17) රාත්‍රියේ බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.

ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් චීනයට පැමිණි සියළු සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බවයි. ගෙවී ගිය වසර 10 තුළ චීනය විවිධ පාර්ශ්වික සහයෝගිතා හවුල්කරුවන් සමඟ ජාත්‍යන්තර සහයෝගිතාවන්ට වේදිකා නිර්මාණය කරමින් ලෝක ආර්ථික වර්ධනයට නව ජවයක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙම ඒකාබද්ධ උත්සාහයන් තුළින් මානව වර්ගයාට වඩා අපූරු අනාගතයක් නිර්මාණය කා ඇතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ