චීනයේ“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ රටවල බහුතරයක් එය ඵලදායී ප්‍රතිඵල ගෙන දෙන්නක් බව ප්‍රකාශ කරති. එයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් මෙම මුලපිරීම අගය කර ඇත.

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN රූපවාහිනී ජාලය සහ චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලය විසින් අද(16) නිකුත් කළ සමීක්ෂණ ප්‍රතිඵල මගින් මේ බව පෙන්නුම් කෙරිණ.
චීනයේ“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ රටවල ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93.8%ක් ගෙවී ගිය වසර 10 තුළ මෙම වැඩපිළිවෙළ ඔස්සේ ලැබූ ජයග්‍රාහී ප්‍රතිඵල ඉහළින් අගය කර තිබේ.
මෙම කාලය තුළ යටිතල පහසුකම් සංවර්ධනයේ අන්තර් සබඳතා හා කාර්යයන් හේතුවෙන් ජනතාවගේ ජීවන තත්ත්වය ද යහපත් වී ඇති බව 92.2%ක පිරිසක් ප්‍රකාශ කර ඇත.
මෙම ගෝලීය මත විමසුම රටවල් 35 ක පුද්ගලයින් 3857 ක් අතර සිදු කෙරිණ. මෙයට සර්බියාව, හංගේරියාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, සෞදි අරාබිය, නයිජීරියාව, බ්‍රසීලය මෙන්ම “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම හා සම්බන්ධ විවිධ මට්ටමේ රටවල් ඇතුළත් විය
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්