නිරායුධකරණය සාක්ෂාත් කොට සාම සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස චීනය පලස්තීනය හා ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව ප්‍රකාශ කළේ, උග්‍ර වෙමින් පවතින වත්මන් පලස්තීන-ඊශ්‍රායල ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
පලස්තීන-ඊශ්‍රායල වත්මන් ආතතීන් සහ ප්රචණ්ඩත්වයන් තීව්ර වීම පිළිබඳව චීනය ගැඹුරින් අවධානයෙන් සිටින අතර, සන්සුන්ව හා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, ගැටුම් වහාම නතර කොට සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන ලෙසත්, චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද එම ප්‍රකාශකයා පැවසීය.
පලස්තීනය හා ඊශ්‍රායලය සාම සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කොට දිගු කාලීන සාමය සාක්ෂාත් කරගැනීම සඳහා ජගත් ප්‍රජාව උපරිමයෙන් උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා ජගත් ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් හෙතෙම කියා සිටී.
More Stories
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි
යුරෝපා සංගමය චීනයේ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව චීනයෙන් ප්‍රති පියවර