“චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේදී සැලකිල්ලට ගත යුතු කරුණු” මැයෙන් රචිත චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය පළ කෙරේ.
එම ලිපිය Qiushi සඟරාවේ 19 වැනි කලාපයෙහි හෙට(01) පළකිරීමට නියමිතව තිබේ. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන දැවැන්ත වැඩපිළිවෙළකි. එය සාර්ථක කරගැනීමේදී වැදගත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.
චීන ලක්ෂණවලින් යුත් නවීකරණය වෙනුවෙන් විධිමත් සැලසුම් සකස් කළ යුතු අතර එම සැලසුම් ක්‍රියාවට නංවාලීමේදී ඇති වන නව ගැටළු හා අභියෝග හමුවේ නම්‍යශීලි ව කටයුතු කළ යුතු ය. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය පෙර නොවූ විරූ නව සංවර්ධන මාවතකි. චීන සමාජවාදී ස්වභාවය , ලක්ෂණ හා එහි මූලධර්ම පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුව එම මාවත නිවැරදි දිශානතියකට රැගෙන යන අතර නවෝත්පාදනයට ප්රමුඛස්ථානයක් ලබා දිය යුතු බව ද එම ලිපියේ සඳහන් කර ඇත. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේදී ස්වාධීනත්වය හා ස්වෛරීභාවය අනුගමනය කරන අතර විදේශ රටවල් කෙරේ විවෘත වෙමින් සංවර්ධන අවකාශය පුළුල් කළ යුතු බව ද එමගින් අවධාරණය කෙරේ. කාර්යක්ෂමතාව හා සාධාරණත්වය අතරත් ජීව ශක්තිය හා පිළිවෙළ අතරත් පවතින සම්බන්ධතාව පිළිබඳව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
More Stories
අසීරුතා අභිබවමින් චීන ආර්ථික වර්ධනය අඛණ්ඩව
ඇමරිකාව සෙසු රටවල විද්‍යා හා තාක්ෂණ සංවර්ධන අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව චීනය කියයි
චීනය තවත් චන්ද්‍රිකා සමූහයක් කක්ෂගත කරයි