පිලිපීන නිල නෞකාවක් නීතිවිරෝධීව චීනයේ Huangyan දූපත් මුහුදු කලාපයට ඇතුළු වීම සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කෙරේ. චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා විසින් එය ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය 22 වැනිදා, පිලිපීන ධීවර හා ජලජ සම්පත් කාර්යාංශයේ නිල නෞකාවක් චීන රජයේ අනුමැතියකින් තොරව Huangyan දූපත ආසන්න මුහුදට නීති විරෝධීව ඇතුළු වීමෙන් නොසන්සුන්තාවක් හටගැනිණ. චීන වෙරළාරක්ෂක බලකාය ඊට අදාළව නීත්‍යනුකූල අනතුරු ඇඟවීම සහ මුහුදු මාර්ග බාධක යෙදීම වැනි අත්‍යවශ්‍ය පියවර ක්‍රියාවට නැංවූ බව Gan Yu මහතා පැවසීය. ඒ අනුව, චීන වෙරළාරක්ෂක බලකාය තාවකාලිකව දැල් බාධක යොදා නෞකා ගමන අවහිර කිරීමට කටයුතු කළ අතර, 23 වැනිදා ඒ අවහිරතා ඉවත් කර මුහුදු කලාපය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබේ. ඒ සියලු පියවර වෘත්තීයමය වශයෙන්, ප්‍රමිතිගත සහ නීත්‍යනුකූල ලෙස ඉටු කළ බව ද Gan Yu මහතා පවසයි.
තම නෞකාව චීනයේ බාධක දැල් බිඳ දැමූ බවට පිලිපීනයේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ද හෙතෙම පැවසීය. Huangyan දූපත සහ ඒ අවට මුහුදු කලාපය කෙරෙහි චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් ඇත. චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව තම රටේ මුහුදු අයිතිවාසිකම් සුරැකීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම අඛණ්ඩ ව සිදුකරන අතර, ජාතික ස්වෛරීභාවය සහ නාවික අයිතිවාසිකම් අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බව ද Gan Yu මහතා අවධාරණය කළේය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්