අරාබි රටවල ලීගයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී චීනය සම්බන්ධ තීරණයක් සම්මත වී තිබේ. ඒ අනුව එකම චීනය ප්‍රතිපත්තිය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට අනුබල දෙන බව අරාබි රටවල් යළි අවධාරණය කරයි. චීනය සමග පවතින සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර කලාපීය සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී චීනයේ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයට ප්‍රශංසාව ද පළ කර ඇත.
ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ අරාබි රටවල ලීගයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව අඛණ්ඩව 43 වැනි වරටත් ස්ථිර ලෙස චීනය සම්බන්ධව මිත්‍රශීලි තීරණ සම්මත කිරීම චීනය ඉහළින් අගය කරන බවයි. ඉන් චීනය සමග සබඳතාව වර්ධනය කිරීමේ අරාබි රටවල ස්ථීර අධිෂ්ඨානය පිළිබිඹු වේ. අරාබි රටවල් සමග අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීම හා දෙපාර්ශ්වයේ ජනතාවට සුභසාධනය සැලසීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
More Stories
චීන ජනපති නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයේ වැදගත්කම අවධාරණය කරයි
ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2025 වසරේ දරිද්‍රතාව පිටුදැකීම හා තිරසර සංවර්ධනය පිළිබඳ සංසදයට චීන ජනාධිපති ගෙන් සුබ පැතුම්
වෙනස්කම් කිරීමේ පියවර නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීම